LEADERSHIP

හැඳින්වීම

පුජ්‍ය කෝට්ටේ දේවානන්ද හිමිපාණන් වහන්සේ
(1918.01.01 - 1990.08.14)

කුරුවිටගේ ප්‍රේමදාස නමින් 1910.01.01 දින උපත ලද මුන් වහන්සේ ඉතාමත් දැහැමි, ධර්ම ගවේෂණාත්මක ළමා කාලයක්ද, තුරුණු වියක්ද ගත කර තමාගේ අද්‍යාත්මික දිවි ගමන පූර්ණ කරනු වස් 1960.01.01 දින කෝට්ටේ දේවානන්ද නමින් ප්‍රවෘජ්ජා භූමියට ඇතුලත් විය. උන් වහන්සේගේ ධර්ම ගවේෂණය තව දුරටත් උද්දීපනය කිරීම සඳහා පුහුල්වැල්ල අරණ්‍ය සේනාසනය තෝරා ගෙන එහි වසර හතරක් පමණ වැඩ විසූහ. තම ගුරු දේව පුජ්‍ය කඩවැද්දුව ශ්‍රී ජිනවංශ මා හිමිගේ ආරාධනයෙන් එවකට ශ්‍රී කල්‍යාණ ධර්ම දූත ආශ්‍රමය හැඳින්වූ ජර්මන් ධර්ම දූත ආශ්‍රමයට 1964 මාර්තු මස  වැඩම කර එහි අධිපති ධූරය භාර ගත් සේක. එතැන් පටන් 1990.08.14 අපවත් වීමේ  ධර්ම කාරණා අදටත් ප්‍රයෝජනය ගත හැකි ආකාරයෙන් උන් වහන්සේ විසින් සරලව පහදා, විග්‍රහ කර දුන් සේක. එම සියලු ධර්ම කාරණා, දේශනා සහ පොත් ඇසුරෙන් මෙම වෙබ් අඩවියේ හෙළි දක්වා ඇත. උන් වහන්සේ නිතර අවධාරණය කල ධර්ම කාරණා කීපයක් පහතින් දැක්වේ.

  • තමාගේ ජීවත්වීම අනෙකාගේ සැපය සඳහාම විය යුතුය.
  • බෞද්ධයා යනු බුද්ධිමතායි,  බුද්ධිමතා පීඩා
    නොවිඳියි.
  • නිවන කල් නො දමන්න,  රත් වූ සිත
    නිවාගන්න.
  • රත් වූ සිත තරම් වේදනාවක් නැත, නිවුන සිත තරම් සැපයක් නැත.
  • බෞද්ධයා රත් නොවී සිටිය යුතුයි.
  • නිවීමෙන් ලබන රසය නිවන් රසයයි.